ඉබේ නවතින Honda වාහන..


පසුගිය වසර දෙක හමාරක කාලය පුරා ඇමරිකාව පුරා අලෙවි වී ඇති Honda සුපිරි...

.

පසුගිය වසර දෙක හමාරක කාලය පුරා ඇමරිකාව පුරා අලෙවි වී ඇති Honda සුපිරි රථ වාහන වර්ග කිහිපයකම ස්වයංක්‍රීය තිරිංග පද්ධතිය, ධාවනය වන අතරතුර හදිසියේම ක්‍රියාත්මක වීම් සම්බන්ධව පාරිභෝගික පැමිණිලි රාශියක් වාර්තා වී ඇතැයි ඇමරිකාවෙන් පැමිණිල්ලක් ලැබී තිබේ.

ඇමරිකානු ජාතික මහා මාර්ග ආරක්ෂණ පාලන අධිකාරිය, එහි දත්ත වාර්තා උපුටා දක්වමින් සඳහන් කළේ, 2017 සිට 2019 දක්වා කාල පරාසය තුළ Honda CR V සහ Accord වර්ගයේ කාර් රථ වල මෙකී තිරිංග පද්ධතියේ දෝෂය සම්බන්ධ පැමිණිලි 278ක් තමන් වෙත ලැබී ඇති බවයි. ඇමරිකාව පුරා අලෙවි වී ඇති Honda රථ වාහන මිලියන 1.7ක මෙම දෝෂය වාර්තා වී ඇති බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. ඇතැම් පැමිණිලි වල සඳහන් වී ඇත්තේ එම රථ වාහන ධාවනය වන අතරතුර වේගය අඩාල වී රථය පාලනයෙන් ගිලිහුණු බවයි. පැමිණිලි හයක් පමණ වාර්තා වී ඇත්තේ,එම හේතුව නිසා මාර්ග අනතුරු සිදු වී සුළු තුවාල  ලැබූ බවයි. කෙසේ වෙතත් ඇමරිකානු මහා මාර්ග ආරක්ෂණ අධිකාරිය මේ වන විට, Honda සමාගම සමග එක්ව මේ සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

163 Views

Comments