සුප්‍රසිද්ධ ජපාන ගායිකාවන් ත්‍රිත්වයක් වන Yokohama Sistera නම් සංගීත කණ්ඩායම, යුක්රේන ජාතික ගීය ගායනා කරමින් නිකුත් කරන ලද youtube වීඩියෝවක් මේ වනවිට අතිශය ජනප්‍රියත්වයට පත්වෙමින් තිබේ.
ලොව පුරා වෙසෙන යුක්රේන ජාතිකයන්ගෙන් නිමක් නැති ප්‍රශංසා සහ අගය කිරීම් මැද මෙකී වීඩියෝව මේ වන විට ලොව පුරා මිලියන ගණනක් නරඹා ඇති බව වාර්තා වේ. රුසියානු ආක්‍රමණය ඉදිරියේ ජපානය යුක්රේනය සමඟ බව මෙමගින් කීමට තමන්ට අවශ්‍ය වූ බව Yokohama Sisters ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.