රුසියාව වෙත තව තවත් ආර්ථික සහ ගෝලීය සම්බාධක පැනවිය යුතු බවට ජපන් අග්‍රාමාත්‍ය Fumio Kishida අද මාධ්‍ය ඉදිරියේ පවසා සිටියේය.
හිතුවක්කාර රුසියාව යුක්රේනයට එරෙහිව සිය ක්‍රියාකලාප දිගින් දිගටම පවත්වාගෙන යෑම නිසා, ඔවුන් මෙල්ල කිරීම සඳහා මෙවැනි තදබල සම්බාධක රාශියක අවශ්‍යතාවය ජපානය මෙහි දී මතු කර තිබේ. විශේෂයෙන්ම ජපානය වෙතින් රුසියාවට අපනයනය කරනු ලබන අධිතාක්ෂණික උපාංග සහ මෙවලම්, ඉලෙක්ට්‍රොනික පරිපථ සහ මෙවලම් ඇතුළු අනෙකුත් ඉංජිනේරු සේවා අත්හිටුවීම සඳහා ජපානය මේ වන විටත් පියවර ගෙන තිබේ. තවද රුසියානු පුද්ගලයන් වෙත ජපානයට ඇතුලුවීමේ විසා අවලංගු කිරිමටත්, ජපානයේ රුසියානු බැංකුවල වත්කම් සහ ආයෝජන අත්හිටුවීමටත් ජපානය පියවර ගෙන තිබේ.