නියමුවන් රහිත දුම්රිය අත්හදා බැලේ...


නියමුවකු රහිත ප්‍රථම දුම්රිය, ජපානයේ ටෝකියෝ දුම්රිය මාර්ග තුළ සිදු කළ පළමු අත්හදාබැලීම ...

.

නියමුවකු රහිත ප්‍රථම දුම්රිය, ජපානයේ ටෝකියෝ දුම්රිය මාර්ග තුළ සිදු කළ පළමු අත්හදාබැලීම අද දින උදෑසන වරුවේ සිදුකළ බව ජපාන දුම්රිය සමාගම ප්‍රකාශ කර සිටියේය.

මධ්‍යම ටෝකියෝ නගරය වටා JR Yamanote දුම්රිය මාර්ගය ඔස්සේ වට දෙකක් ස්වයංක්‍රීයව ගමන් කළ මෙකී දුම්රිය ගමන වාර්තා කිරීමට මාධ්‍යවේදීන් පිරිසක් ද ගමන් කරන ලදී. කිලෝමීටර 34.5 ක දුර ප්‍රමාණයක් එම නිරීක්ෂණ චාරිකාවේදී, දුම්රිය සම්පූර්ණ කළ අතර මෙකී දුම්රිය අධිතාක්ශණික සංවේදී උපකරණ රාශියකින් සමන්විත බව ද පැවසේ. තවද, අතිශයින් කාර්යබහුල ටෝකියෝ දුම්රිය මාර්ගයේ උදෑසන වරුවක මෙවන් අත්හදා බැලීමක් සිදු කළ පළමු වතාවද මෙය බව වාර්තා වේ.

Comments