Fukushima කුණු මුහුදට ද ?


විනාශයට පත් වුණු Fukushima න්‍යෂ්ඨික විදුලි බලාගාරයේ අපද්‍රව්‍ය ජලය සහිත ටැංකි...

.

විනාශයට පත් වුණු Fukushima න්‍යෂ්ඨික විදුලි බලාගාරයේ අපද්‍රව්‍ය ජලය සහිත ටැංකි හිස් කර මුහුදට මුදා හැරීම සම්බන්ධව සාකච්ඡා අවසන් වී ඇති බව වාර්තා වේ.

අන්තර්ජාතික පරමාණුක ශක්තිය ඒජන්සිය හෙවත් IAEA සමග පැවති සාකච්ඡා වල දී ඔවුන්ගේ අනුමැතිය මීට ලැබී ඇතැයි සඳහන් වේ. මෙම ටැංකිවල ඝනීභවනය වී තැන්පත් වී ඇති න්‍යෂ්ටික අපද්‍රව්‍ය සම්මත ප්‍රමාණයට සහ ප්‍රතිශත වලට අනුකූලව ඇති බවත්, ඒවායේ විකිරණශීලීතාව ඉතා අඩු අගයක පවතින නිසා ඒවා මුහුදට මුදා හැරීමට අනුමැතිය ලබාදුන් බවත් IAEA ප්‍රකාශකයෙක් පැවසීය. ජපාන ආර්ථික අමාත්‍යාංශය , කර්මාන්ත හා වෙළඳ අමාත්‍යාංශය සමග බලාගාරය අයත් Tokyo Electric Power Company යන අංශ වල නිලධාරීන් මෙම සාකච්ඡා සඳහා සහභාගී වූ බව වාර්තා වේ.

293 Views

Comments