තවමත් ඉවර නොවූ අගමැතිගේ සටහන් පොත්..


ඊයේ පැවති ජපාන පාර්ලිමේන්තු සැසියේ දී විපක්ෂය මතුකළ අතුරු පැනයකට පිළිතුරු දෙමින්...

.

ඊයේ පැවති ජපාන පාර්ලිමේන්තු සැසියේ දී ​විපක්ෂය මතුකළ අතුරු පැනයකට පිළිතුරු දෙමින් ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida සඳහන් කර සිටියේ, වර්තමාන දෛනික පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ වූ දා පටන් මේ වන තෙක් තමන්ගේ එකදු සටහන් පොතක් වත් අවසන් වන තෙක් භාවිතා කිරීමට තමාට නොහැකි වූ බවයි.

  ප්‍රධාන විපක්ෂය වන ජපාන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු සභික, Shinkun Haku අතුරු පැනයක් අග්‍රාමාත්‍යවරයාට යොමු කරමින් අසා සිටියේ, විපක්ෂයේ කාරණාවලින් අග්‍රාමාත්‍යවරයාගේ සටහන් පොත් පිරී යනු ඇති බවයි. ඊට පිළිතුරු දුන් Kishida පැවසූයේ, ජනතාවගේ ප්‍රශ්න සහ ගැටළු නිවීමට තමන් භාවිතා කරන මෙම සටහන් පොත් වලින් එකක් හෝ ලියා අවසන් කිරීමට මෙම පාර්ලිමේන්තු සැසිය ආරම්භ වූ දා පටන් තමන්ට නොහැකි වූ බවයි.

අගමැතිගේ මෙකී සටහන් පොත්, නිතරම ඔහුගේ කබායේ දමාගෙන සිටින බවත්, දෛනිකව මතුවන ඕනෑම ගැටලුවක් ඔහු එහි සඳහන් කරන බවත් ඉතා ප්‍රසිද්ධ කරුණකි. 

139 Views

Comments