ජපාන ළමා උපත් ප්‍රතිශතය තවත් පහළට...


පසුගිය වසර 6ක කාලය පුරා පහත වැටෙමින් පැවති ජපාන උපත් ප්‍රතිශතය...

.

පසුගිය වසර 6ක කාලය පුරා පහත වැටෙමින් පැවති ජපාන උපත් ප්‍රතිශතය, ගෙවීගිය 2021 වසරේදී වඩාත්ම අඩු උපත් සංඛ්‍යාවක් වාර්තා කර ඇති බව ජපාන සමාජ විද්‍යා සංඛ්‍යාලේඛන සනාථ කර තිබේ.

මීට සාපේක්ෂව, ළමා මරණ අනුපාතය ඉතා ඉහල ගොස් ඇති බවද වාර්තා වේ. එම අගය දෙවන ලෝක යුද්ධයෙන් පසු වාර්තා වූ ඉහළම ළමා මරණ ප්‍රතිශතය බවද දැනගන්නට ලැබී තිබේ. 2020 සිට 2021 දක්වා කාලය තුල ළමා උපත් වාර්තා වී ඇත්තේ 842,897ක් පමණක් වන අතර එය 3.4%ක පහළයෑමක් බවත්, ළමා මරණ 1,452,289ක් වාර්තා වී ඇත්තේ ප්‍රතිශතය 4.9%කින් ඉහල යමින් වීම විශේෂත්වයකි. මෙකී දත්ත වලට ජපානයේ වෙසෙන විදෙස් ජාතිකයන් ද ඇතුළත් කර තිබේ. ජපානයේ මෙකී තත්වයක් මත, ජපන් ජාතිය තුල ජන ඝනත්වය ඉතා සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බවත්, වර්ෂ 2053 වනවිට එය මිලියන 100සිට මිලියන 88.08ක් දක්වා අඩු විය හැකි බවටත් දත් විශ්ලේෂකයන් මේ වනවිටත් අනතුරු අඟවා තිබේ. මේ වන විට ජපාන රජයේ සමාජ විද්‍යා අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය විසින්, දෙමාපියන් සහ දූ දරු සම්බන්ධතා හා පවුල් සැලසුම් උපදේශනය වෙනුවෙන් වෙනමම ආයතන ගණනාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. ළමා මරණ අනුපාතය පහල දමා, උපත් අනුපාතය ඉහළ දැමීමට ජනතාව උනන්දු කරවීම සහ අවශ්‍ය උපදෙස් ලබාදීම මේ මගින් අපේක්ෂිත බව පැවසේ.

Comments