ජපාන පිරිසිදුකාරක


ජපානෙ තියෙන කාලගුණික විපර්යාසයන් එක්ක ජීවත්වෙනකොට ඇතිවෙන තවත් එක ප්‍රශ්නයක් තමයි නිවෙස් වල ඇතිවෙන දිලීර වර??

.

ජපානෙ තියෙන කාලගුණික විපර්යාසයන් එක්ක ජීවත්වෙනකොට ඇතිවෙන තවත් එක ප්‍රශ්නයක් තමයි නිවෙස් වල ඇතිවෙන දිලීර වර්ග, පුස්, කහට පැල්ලම් සහ දූවිලි කියන්නෙ. දවසේ වැඩි හරියක් වහල තිබෙන නිසා වාතාශ්‍රය විහිදීම අවම වීම සහ ප්‍රමානයෙන් ඉතා කුඩා වීම ඉතා ඉක්මනින්ම මේ දිලීර සහ පුස් වර්ග වර්ධනය වීමට බලපානවා. නාන කාමරයේ සහ කුස්සියේ ඉතා පහසුවෙන් මේ දිලීර, පුස් දැකගන්න පුලුවන්.

 

ඉතින් මෙන්න මේ දිලීර වර්ග සහ පුස් වර්ග පිරිසිදු කිරීම කාර්‍යබහුල ජීවිතත් එක්ක ටිකක් අපහසු කටයුත්තක් වෙන්න පුලුවන්. මෙන්න මෙම කටයුත්ත පහසු කිරීම සඳහා ජපානෙ සමාගම් විසින් විවිධ නිශ්පාදන වෙලඳපලට නිකුත් කරල තියෙනවා. මෙම නිශ්පාදන බොහෝමයක් Spray Cans විදියට ලබාගැනීමට හැකි අතර අවශ්‍යතාවයට අදාල නිශ්පාදනය භාවිත කිරීමෙන් ඉතා සාර්තක ප්‍රතිපල ලබාගන්න පුලුවන්. 

 

පහලින් සඳහන් කරල තියෙන්නෙ කොහොමද මෙම නිශ්පාදන වර්ග කරල තියෙන්නෙ කියල සහ ඒවට අදාල කන්ජි අක්ශර මොනවද කියල. මෙම නිශ්පාදන සියලුම Drug Stores, Supermarkets, සහ කොම්බිනි වලින් මිලදීගන්න පුලුවන්.

 

දිලීර වර්ග / පුස් カビ kabi

දූවිලි 埃 hokori

පැල්ලම් 汚れ yogore

 

මුලුතැන්ගෙයි පිරිසිදුකාරක---台所用合成洗剤---Daidokoro-yō gōsei senzai

නානකාමර පිරිසිදුකාරක---浴室用合成洗剤---Yokushitsu-yō gōsei senzai

වීදුරු සහ යකඩ පිරිසිදුකාරක---グラス用洗剤---Gurasu-yō senzai

කානු සහ ගලිය පිරිසිදුකාරක---排水管用洗剤---Haisui-kan-yō senzai

ටයිල් පිරිසිදුකාරක---タイル用洗剤---Tairu-yō senzai

සර්වකාර්‍ය පිරිසිදුකාරක---万能汚れ落とし---Ban'nō yogore otoshi

දිලීර පිරිසිදුකාරක---防黴剤 / カビキラー---Bōkabi-zai/ kabikirā

220 Views

Comments