බොර දියේ මාලු බෑම...


රුසියානු ආක්‍රමණය මධ්‍යයේ ඇතිව තිබෙන ආරක්ෂක තර්ජනය හේතුවෙන්..

.

රුසියානු ආක්‍රමණය මධ්‍යයේ ඇතිව තිබෙන ආරක්ෂක තර්ජනය හේතුවෙන්, දෙරටේම න්‍යෂ්ටික අවි සහ සම්පත් සම්බන්ධව ඇමරිකාව විසින් ජපානයට යෝජනා කරන ලද සහයෝගීතා වැඩපිළිවෙළට එකඟ විය නොහැකි බව ජපාන පාර්ලිමේන්තුව අමතමින් පසුගියදා අග්‍රාමාත්‍ය Fumio Kishida සඳහන් කර සිටියේය.

එම ගිවිසුමට අනුව, ඇමරිකාව සතු න්‍යෂ්ටික අවි කිහිපයක් ජපානය තුළ ගබඩා කිරීමට සහ රඳවා තබා ගැනීමට යෝජනා කර තිබුණි. තවදුරටත් ඔහු සඳහන් කර සිටියේ, දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකාවේ න්‍යෂ්ටික අවි ප්‍රහාරයෙන් පසු, ජපානය විසින් ඇතිකරගත් ඇති කරගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් ලෙස ස්ථාපිත කර ඇති තුන් වැදෑරුම් න්‍යෂ්ටික ප්‍රතිපත්ති වන න්‍යෂ්ටික අවි අත්හදා බැලීම, ගබඩා කිරීමත් සහ භාවිතය නොකිරීමේ එකඟතාවය මින් කඩවන බවයි. ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් මෙය හඳුන්වා දී තිබුණේ, ඇමරිකාවේ විසින් බොරදියේ මාළු බෑමට උත්සාහ කිරීමක් ලෙසයි.

Comments