ජපාන කැබිනට් ප්රකාශක Hirokazu Matsuno සඳහන් කළේ, ජපානයට ඇතුල්වීම සඳහා යුක්රේන ජාතිකයන් හට සරණාගත වීසා අයදුම්කිරීම සඳහා ඉඩ ලබා දීමට ජපන් රජය තීරණය කරන ලද බවයි
පවතින යුධමය වාතාවරණය හමුවේ මානුෂීය හේතුන් මත, දැනට ජපානයේ රැඳී සිටින යුක්රේන ජාතිකයන්ගේ වීසා කාලසීමාව දීර්ඝ කිරීමටත්, නව අයදුම් කරුවන් හට සරණාගත වීසා ලබා දීමටත් ජපානයේ තීරණය කරන ලද බව ඔහු වැඩිදුරටත් පැවසීය. මීට අමතරව රුසියානු වීසා අයදුම්පත් ප්රතික්ෂේප කිරීමට ද ජපානය තීරණය කරන ලද මුත්, රුසියානු පුරවැසිභාවය හිමි රුසියානු නොවන අයට ජපන් වීසා අයදුම් කිරීමේදී ගැටලුවක් පැන නොනගින බවත් ඔහු පැවසීය.