සුප්රසිද්ධ ජපාන රථවාහන නිෂ්පාදක Toyota සමාගම අද නිවේදනය කර සිටියේ, ජපානය තුල පිහිටි සිය සමාගමේ සියලුම කාර්යාල සහ කර්මාන්තශාලා අංගන සියල්ල හෙට දින වසා තබන බවයි.
මීට ආසන්නතම හේතුව වී ඇත්තේ, Kojima Industries Corp. නම් ටාටා සමාගමේ ප්රධාන දේශීය සැපයුම්කාර සමාගමක් වෙත එල්ල වූ හැකර් ප්රහාරයේ බව ආරංචි මාර්ග සඳහන් කරයි. රුසියානු ආක්රමණය වෙත ජපානය දැක්වූ විරෝධතාවය නිසා, මෙවන් හැකර් ප්රහාර ජපාන ආයතන වෙත එල්ල විය හැකි බවට කල්තියාම අනතුරු අඟවා තිබිණි. ජපානය පුරා පිහිටි ටොයෝටා නිෂ්පාදන අංශ 28ක් ඇතුළු කර්මාන්ත ශාලා 14ක් මේ නිසා නැවත දැනුම් දෙන තුරු වසා තබන බවත් ඒ වෙනුවෙන් අපහසුතාවයට පත්වන සියලුම පාරිභෝගිකයන් සහ සැපයුම්කරුවන්ගෙන් සමාගම සමාව අද සිටින බවත් ඔවුන් නිවේදනය කර සිටියේය.