ජපානයේ වාසය කරන වියට්නාම් තාක්ශනික අංශයේ පුහුණු සේවකයෙකු, මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
උතුරු ජපානයේ හොක්කයිඩෝ නගරයේ පදිංචි ඉදිකිරීම් අංශයේ සේවකයෙකු ලෙස රැකියාව කළ Nguyen Ngoc Tung නම් මෙම සැකකරු, තවත් ඉදිකිරීම් සේවකයෙකු වූ, Than Van Nghia යන අයව හොක්කයිඩෝ දුම්රිය පොලේදී ඝාතනය කරන ලදැ යි ඔහුට චෝදනා එල්ල වී තිබේ. 24 හැවිරිදි තරුණයකු වන මෙම සැකකරු, අදාළ පුද්ගලයාව ඝාතනය කර ඇත්තේ, කුඩා පිහියක් රැගෙන ඔහුගේ ගෙල සහ උදරය කිහිප තැනකටම පහරදීමෙන් පසුව බව සිද්ධිය ඇසින් දුටුවන් සාක්ෂි ලබාදී තිබේ.