රුසියාවට දොරටු රැසක් වැසේ...


යුක්රේනය ආක්‍රමණය කිරීමට ගත් තීන්දුවත් සමගම, රුසියාවට ජාත්‍යන්තර ක්‍රීඩා පිටි රැසක් අහිමිව..

.

යුක්රේනය ආක්‍රමණය කිරීමට ගත් තීන්දුවත් සමගම, රුසියාවට ජාත්‍යන්තර ක්‍රීඩා පිටි රැසක් අහිමිව යාමට නියමිත බව වාර්තා වේ.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනය කර සිටියේ මින් ඉදිරියට රුසියාවට සහ බෙලරුසියාවට ඔවුන්ගේ ක්‍රීඩකයින් ඔලිම්පික් තරග සඳහා ඉදිරිපත් කිරීම තහනම් කරන බවයි. මේ අතර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය හෙවත් FIFA ද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, මින් ඉදිරියට කිසිදු පාපන්දු තරඟයක් රුසියාව නමින් ක්‍රීඩා කිරීමට අවසර නොදෙන බවත්, රුසියානු ජාතික ගීය ධජය  සහ අනෙකුත් ලාංඡන තරඟ තුළදී ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් බවත් ය. මීට අමතරව  මින් ඉදිරියට කිසිදු ජාත්‍යන්තර පාපන්දු තරඟයක් රුසියාව තුළ  පැවැත්වීම ද තහනම් කර තිබේ. මෙම තීරණයට සමගාමීව එංගලන්ත සහ චිලී  පාපන්දු සම්මේලන සඳහන් කර සිටියේ රුසියාව සමග කිසිදු පාපන්දු තරගය ඉදිරියේදී ක්‍රීඩා කිරීමට තමන් ඉදිරිපත් නොවන බවයි.

120 Views

Comments