Tiktok Youtube වෙත අභියෝග  කරයි


මේ වන විට ලෝ පුරා ඉතා විශාල පිරිසක් භාවිතා කරන tik tok video යෙදවුම ඔවුන් වීඩියෝ සඳහා දෙන උපරිම කාලය  මිනිත්තු  දහයක් ද?

.

මේ වන විට ලෝ පුරා ඉතා විශාල පිරිසක් භාවිතා කරන tik tok video යෙදවුම ඔවුන් වීඩියෝ සඳහා දෙන උපරිම කාලය  මිනිත්තු  දහයක් දක්වා දීර්ඝ කර ඇත.  ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ මේ වෙන විට ලෝකයේ  වීඩියෝ සඳහා ඉතා ප්‍රසිද්ධ ම සමාජ ජාල මාධ්‍ය වන Youtube  සඳහා කෙරෙන අභියෝගයක් ලෙස බව බොහෝ දෙනාගේ මතයයි.

 

උපරිම මිනිත්තුවක කාලයක වීඩියෝ පට සඳහා  ආරම්භ කෙරුණු ටික් ටොක්  මේ වන විට එය මිනිත්තු  3 දක්වා දිර්ඝ කර ඇත. එය මේ වසරේ සිට මිනිත්තු දහයක් දක්වා දීර්ඝ කිරීම තුළින් එහි පරිශීලකයන්ගේ නිර්මාණශීලීත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට  අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව tik tok හි ප්‍රධාන නිෂ්පාදන නිලධාරී Neal Mohan පවසා ඇත.

132 Views

Comments