නිරිතදිග ජපානයේ පිහිටි ඔයිටා ගුවන්තොටුපල, අභ්‍යාවකාශ යානා ගොඩ බැස්වීමට හැකි ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කර භාවිතයට ගැනීම පිළිබඳ ගිවිසුමකට පසුගියදා එළඹෙන ලදී.
ඇමරිකානු අභ්‍යාවකාශ යානා නිෂ්පාදන සමාගමක් වන Sierra Space Corp සහ අභ්‍යාවකාශ ගමන් වලට සම්බන්ධ ජපාන වෙළෙඳ සමාගමක් වන Kanematsu Corp යන සමාගම් ද්විත්වය එක්ව මෙම ගිවිසුමට එළඹ තිබේ. ඒ අනුව Sierra Space Corp විසින් නිෂ්පාදනය කරන, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත අවශ්‍ය සැපයුම් රැගෙන යන එම යානා නැවත ගොඩ බෑමේදී ජපානයේ ඔයිටා ගුවන් පථය භාවිතා කිරීමට අවසර මෙමගින් ලැබේ. Sierra සමාගමේ නිශ්පාදනය කරන මෙම යානා වර්ගය, 2023 වසරේ සිට සැපයුම් රැගෙන අභ්‍යාවකාශගත වීමට වීමට සැලසුම් කර ඇති අතර, වර්ශ 2026දී ඔයිටා ගුවන් තොටුපළේ දී සිය ප්‍රථම ගොඩබෑම සිදු කිරීමට එම යානාවක් සැලසුම් කර ඇති බව වාර්තා වේ.