එකමුතුකමේ වැදගත්කම දකුණු කොරියා නායකයා පෙන්වා දෙයි..


ජපානයේ ආධිපත්‍යයෙන් මිදී ස්වාධීන වීම පිණිස 1919 මාර්තු 01 වනදා..

.

ජපානයේ ආධිපත්‍යයෙන් මිදී ස්වාධීන වීම පිණිස 1919 මාර්තු 01 වනදා දකුණු කොරියාව විසින් දියත් කරන ලද නිදහස් පා ගමනේ 103 වන සංවත්සර උළෙලට සහභාගී වෙමින්, වර්තමාන දකුණු කොරියානු ජනාධිපති, Moon Jae In සඳහන් කර සිටියේ, ඉදිරි පරපුර සඳහා වර්තමාන පරපුර එකමුතු වී ක්‍රියා කිරීම අතිශය වැදගත් බවයි.

මධ්‍යතන යුගයේ ජපානය හා සමග පැවති යුද ගැටුම් හා මතභේදකාරී තත්ත්වයන් දැන් අතීතය බවත්, නව පරපුර වෙනුවෙන් යහපත් හෙටක් බිහිකරන්නට එකමුතු වන ලෙස ජපානයෙන් තමන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. ජපානය සමග ක්‍රියාත්මක වන වර්තමාන සහයෝගීතාවය දිගටම පවත්වාගෙන යෑම ඉතා වැදගත් බවත්, එය දෙරටේ දියුණුව මෙන්ම කලාපයේ ආරක්ෂාව  වෙනුවෙන් ද ඉතා පිටිවහලක් බවත් ඔහු පැවසීය.

120 Views

Comments