භුමි කම්පා යනු ජපානය තුළ ජීවත්වෙන සියලුම දෙනා නිරන්තරයෙන් මුහුණපාන ගැටලුවකි. ජපානය තුළ වෙසෙන ස්වදේශිකයන්ට මෙන්ම විදේශිකයන්ටද මෙම අවස්ථා සඳහා අනතුරු අවම කරමින් මුහුණ දීම සඳහා ආපදා වැළැක්වීමේ අධ්‍යාපනික වැඩසටහන් කිහිපයක් youtube මාධ්‍ය ජාලය හරහා විකාශය කර තිබේ.
එම වැඩසටහන් භාෂා 8 කින් නිර්මාණය වී ඇති අතර භූමිකම්පාවක් සඳහා කල්තියා සූදානම් වෙන්නේ කෙසේද , එවැනි අවස්ථාවකදී ආපදා විරහිතව පරිස්සම් වන්නේ කෙසේද යනාදී කරුණු ගණනාවක් පිළිබඳව අධ්‍යාපනය ලබා දෙයි.