එළඹෙන පෙබරවාරි 10 වන බ්‍රහස්පතින්දා සිට දිනකට booster එන්නත් මාත්‍රා පන්දහක් ලබාදීමට ජපාන ආත්ම ආරක්ෂක බලකාය සූදානම් බව ඔවුන් නිවේදනය කර තිබේ.
එම ආත්ම ආරක්ෂක බලකායේ සහාය ඇතිව tokyo Otemachi ප්‍රදේශයේදී පසුගිය සදුදා දින මහා පරිමාණයෙන් booster එන්නත ලබාදීමේ වැඩසටහනක් ආරම්භ විණි.
ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබෙන පරිදි booster එන්නත ලබා ගැනීමට ඉඩකඩ වෙන්කර ගැනීමේ නිවේදනයෙන් මිනිත්තු පහළොවක් ඇතුළත දී ඉදිරි සති දෙකටම සරිලන ලෙස ඉතා සීඝ්රයෙන් ජනතාව තමන්ගෙ මාත්‍රාවන් වෙන් කරගෙන ඇත.මේ හේතුවෙන් ජපාන අග්‍රාමාත්‍යවරයා ආත්මාරක්ෂක බලකායේ සහාය ඇතිව ඉදිරි සතිවලදී booster එන්නත වැඩි පිරිසකට ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇත.