යුක්රේනයේ ජපාන තානාපති කාර්යාලය වසා දමයි...


රුසියානු ආක්‍රමණ තත්වය හමුවේ විශාල තර්ජනයකට ලක්ව ඇති යුක්රේන අගනුවර..

.

රුසියානු ආක්‍රමණ තත්වය හමුවේ විශාල තර්ජනයකට ලක්ව ඇති යුක්රේන අගනුවර වන Kyiv හි පිහිටි ජපාන තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමන බව ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටියේය.

 තානාපති කාර්යාල නිලධාරීන් Lviv නම් බටහිර යුක්රේන නගර කාර්යාලයක් වෙත තාවකාලිකව යොමු කර ඇත. මේ වනවිට යුක්රේනයෙන් ඉවත් වීමට උත්සාහ කරන ජපාන ජාතිකයන්ගේ සේවාවන් ඇතුළු සියලුම රාජ්‍ය තාන්ත්‍රික සේවා මෙම කාර්යාලයෙන් නොකඩවා සිදු කරන බව ජපානය නිවේදනය කර සිටියේය.

Comments