මේවා නගර සභාව මැදිහත්ව පාලනය කරනු ලබන apartments වේ(නාගරික නිවාස).
ජපානයේ බොහෝ ප්‍රදේශ වල මහා නගර සභා මගින් පාලනය කරගෙන යනු ලබන apartments තියනවා. මේවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්.
1. රජයට (ප්‍රදේශයේ මහා නගර සභාවට අයිති නිවාස)
2. පුද්ගලික ආයතන වලට අයිති, නමුත් මහා නගර සභා සමඟ ඒකාබද්දව පවත්වාගෙන යන නිවාස.
මේ apartment වලට මුලික වියදමක් අවශ්‍ය වෙන්නෙම නැති තරම්. හැබැයි මේ apartments හැමෝටම ගන්න බෑ. නගර සභාව මගින් ප්‍රමුකත්වය දෙන්නේ අඩු ආදායම් ලාභී පවුල්, අබාධිත පුද්ගලයින් සහ ජේෂ්ඨ පුරවැසියන් වගේ අයට. එහෙමයි කියල අපිට apartment එකක් ගන්න බැරි කමක් නෑ (විශේෂයෙන් උඩින් කියල තියන දෙවෙනි කොටසට අයත් වෙන නිවාස).
මේ නිවාස වල මාසික කුලිය අඩුයි. මාසික කුලිය බොහෝ විට ගණනය කරන්නේ ඔයාගේ වාර්ෂික අදායම අනුව. ඒ කියන්නේ ඔයාගේ අදායම අඩුයි නම් මාසික කුලියත් අඩුයි. ඒ වගේම UR apartments වලට වගේ විවිධ වට්ටම් තියනවා. හැබැයි ඒවා ලබාගන්න විවිධ කොන්දේසි තියනවා.
මේ apartment තියන ගොඩනැගිලි බොහෝවිට පරණයි. අලුත් ඒවා නැතුවම නෙවෙයි, හැබැයි අලුත් ඒවගේ ඉක්මනට මිනිස්සු පදිංචි වෙනවා. ඒ වගේම මේවගේ ජිවත් වෙන අය අවුරුදු ගණන් ඒ ස්ථාන වල ජිවත් වෙනවා. ඒ නිසා vacant වෙන ප්‍රමාණය අඩුයි.
මේ නිවසක ජිවත් වෙන සෑම කෙනෙක්ගේම වාර්ෂික අදායම නගර සභාව විසින් බලනවා. වාර්ෂික අදායම Municipal Housing ලබාගන්න තියන සුදුසුකම් වලට පිටින් යනවා නම්, ඒ කියන්නේ අදායම වැඩියි නම් මාස 6ක් ඇතුලත නිවසෙන් ඉවත් වෙන්න කියල දැනුම් දෙනවා. මේකට හේතුව මම කලින් කිව්වා වගේ මේ apartments වලට ප්‍රමුකත්වය දෙන්නේ අඩු අදායම් ලාභී අයට. මෙහෙම අදායම වැඩි වෙලා නිවසෙන් අයින් වෙන්න වෙන අයට මම උඩින් කියල තියන දෙවෙනි කොටසට අයත් වෙන apartment එකකට අයදුම් කරන්න පුළුවන්. හැබැයි මාසික කුලිය ඒ ප්‍රදේශයේ අනෙකුත් apartments වලට අය කරන ප්‍රමාණයටම ගෙවන්න වෙනවා.
මේ Municipal Housing වල තියන තවත් වාසියක් තමයි, Detached Houses එහෙම නැත්තන් වෙන්වූ නිවාස (ලංකාවේ අපිට තියනවා වගේ වෙනම තනි තට්ටුවේ හෝ තට්ටු දෙක තුනේ නිවාස) ලබාගැනීමට හැකි වීම. මේ නිවාස ගන්නත් හැබැයි විවිධ කොන්දේසි තියනවා. මේ හැම දෙයක්ම ඔයා ජිවත් වෙන ප්‍රදේශයේ නගර සභාවට ගිහින් දැනගන්න පුළුවන්. ඔයාගේ අදායම, පවුලේ විස්තර, වගේ දේවල් එයාලට කිව්වම අදාල ප්‍රදේශයේ දැනට vacant වෙලා තියන apartment list එක, මාසික කුලිය සහ, වෙනත් විස්තර ඔක්කොම ලබාගන්න පුළුවන්. මේ හැම නිවාසයක්ම first come , first serve විදියට තමයි තියෙන්නේ. ඒක නිසා ප්‍රධාන නගරවල නම් waiting list පවා තියනවා.
ඉතින් අවසානෙට කියන්න තියෙන්නේ, ආදායම් අඩු, මාසික කුලියට වැඩි මුදලක් වියදම් කරන්න කැමති නැති, වෙනත් නිවසක් හොයාගන්නකම් අඩුවට ඉන්න තැනක් හොයන, අලුතෙන් රැකියාවකට එකතු වුන හෝ මුල්‍යමය අතින් ස්ථාවර වෙනකම් ඉන්න කෙනෙකුට මේ වගේ apartments එකකට යන්න පුළුවන්.
#japantasy