ඊයේ රාත්රියේදී ඔසාකා හි නෙයගාවා නගරයේදී සිදුවූ පිහි ඇනුමකින් තරුණයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගිය පුවතක් වාර්තා වේ.
ඊයේ රාත්රියේදී අසල්වැසි කාන්තාවක් විසින් පොලිසි හදිසි ඇමතුම් අංශයට ලබාදුන් දුරකථන පණිවිඩයකින් කියවුණේ, නෙයගාවා හි රූපලාවණ්‍ය මධ්‍යස්ථානයක් ඉදිරිපිට කිහිපදෙනෙක් පොරබදිමින් සිටින බවත් එක් අයෙකු තුවාල ලබා වැටී සිටින බවත්ය. පොලිසියේ එම ස්ථානයට ළඟා වන විට තරුණයෙකු පසුපස කැපුම් තුවාල සහිතව ලේ ගලමින් වැටී සිටි අතර පොලිසිය ඔහුව රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබේ. සිද්ධියෙන් පසු පලාගිය ඉතිරි තිදෙනා සොයා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.