ශල්‍යකර්මයක් සිදු වන අතරතුර දී කාන්තා රෝගියෙක් වීඩියෝ ගත කල වරදට කියෝතෝ ප්‍රාන්තයේ University of Medicine hospitalහි හතළිස් තුන් හැවිරිදි වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Akihito Arai නම් මෙම වෛද්‍යවරයා ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් පසුගිය නොවැම්බර් 29 දින විසිහත් හැවිරිදි මෙම තරුණිය ශල්‍යකර්මයට භාජනය වීමට සිහිමූර්ඡා කොට සිටියදී ඇයගේ ශරීරය ආවරණය කර තිබූ ඇඳුම ඉවත් කරමින් ඇයගේ නිරුවත් ශරීරය මෙසේ වීඩියෝගත කර ඇත. පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසු අදාළ වෛද්‍යවරයා මේ පිළිබඳව කිසිම ප්‍රකාශයක් ලබාදී නොමැත.
රෝහල් නිලධාරීන් පොලිසියට පවසා ඇති පරිදි මෙම ශල්‍යකර්මය අතරතුර දී අනෙකුත් වෛද්‍ය නිලධාරීන් ද ඒ අවට සිටියද ඔහු විසින් සිදු කළ දේ පිළිබඳව ඔවුන් කිසිවෙකුත් දැනුවත් වී නොමැත.