රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ගෝලීය වශයෙන් මුහුණ පෑ හැකි බොරතෙල් ගැටළුවට පිළියමක් ලෙස ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජික රටවල් තිස් එකක් විසින් එරට සංචිතවල තබාගෙන ඇතිබොරතෙල් බැරල් මිලියන හැටක් මුදාහැරීමට තීරණය කර ඇත. රුසියානු යුද්ධය අතරතුර ගෝලීය වශයෙන් මුහුණ පෑ හැකි තෙල් හිඟය වැළැක්වීමේ පිළියමක් ලෙස මෙම පියවර ගෙන ඇත.
රුසියාව ලෝකයටම තෙල් සපයන ප්‍රධාන තුන්වෙනි රට වන අතර දෛනිකව ඔවුන් බොරතෙල් බැරල් මිලියන 5ක් අපනයනය කරයි. ඉන් 60%ක ප්‍රමාණයක් දෛනිකව යුරෝපයට ලඟාවේ නතර 20%ක් චීනයට ලබා දෙයි. කෙසේ වෙතත් රුසියානු යුද්ධය හේතුවෙන් මෙම සැපයුම පහත බැස ඇති අතර මම හේතුවෙන් ගෝලීය වශයෙන් බොරතෙල් මිල ද ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත