booster එන්නතෙන් වැඩි ආරක්ෂාවක්


කොරෝනා වෛරසය වරින් වර ලොව පුරා පැතිර යාමත් සමග ගෝලීය වශයෙන් සෑම රටක්ම පාහේ ජනතාවට මුලින් ලබාදුන් එන්නත් මාත්??

.

කොරෝනා වෛරසය වරින් වර ලොව පුරා පැතිර යාමත් සමග ගෝලීය වශයෙන් සෑම රටක්ම පාහේ ජනතාවට මුලින් ලබාදුන් එන්නත් මාත්‍රා 2 ඉක්මවමින් තුන්වෙනි මාත්‍රාවකටත් මේ වන විට පිවිස තිබේ

 

බොහෝ රටවල් පළමු මාත්‍රා ලෙස pfizer , synopharm  සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත කරන ලද විවිධ එන්නත් වර්ග ලබා දුන් අතර ඒවායේ ප්‍රතිශක්තිය පවතින කාල පරාසය විවිධ වීම හේතුවෙන් කොරෝනා වෛරසයට එරෙහිව ස්ථාවර ආරක්ෂාවක් පවත්වා ගැනීම ගැටලුවක් විණි.පළමු මාත්‍රා දෙකම pfizer  එන්නත ලබා දුන්නද එහි ප්‍රතිශක්තිය කරනය රඳා පවතිනුයේ මාස 5ක කාලයක් පමණක් බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. මේ හේතුවෙන්  කොරෝනා වෛරසයෙන් ස්ථාවර ආරක්ෂාවක් ලබා ගැනීමටත් රෝගය වැළඳීමෙන් ඇතිවන සංකූලතා අවම කර ගැනීමටත් booster මාත්‍රාව ලෙස තුන්වන එන්නත් මාත්‍රාවක් ලබා ගැනීම වඩා සුදුසු බව මේ වන විට ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන පර්යේෂකයන් තහවුරු කර ඇත.

 

 

Comments