99න් ඉපදුනු " ව්ලැඩිමීර් පුටින් "


දෙවන ලෝක සංග්‍රාමයේදී, සොල්දාදුවෙකු තම නිවසට වෙත යාමට නිවාඩුවක් ලබා ගත් අතර, ඔහු තම නිවස අසල වීදියට ළඟා වූ විග??

.

දෙවන ලෝක සංග්‍රාමයේදී, සොල්දාදුවෙකු තම නිවසට වෙත යාමට නිවාඩුවක් ලබා ගත් අතර, ඔහු තම නිවස අසල වීදියට ළඟා වූ විගසම, මළ සිරුරු පටවාගෙන නවතා ඇති හමුදා ට්‍රක් රථයක් දක්නට ලැබිණි. එම සතුරු හමුදා තම නිවෙස ආසන්න ප්‍රදේශයට ද බෝම්බ දමා ඇති බව සොල්දාදුවා එවිට දැනගන්නා ලදී.

 

එම ට්‍රක් රථයේ මළ සිරුරු දුසිම් ගණනක් තිබූ අතර ඒවා සමූහ මිනීවළක ට ප්‍රවාහනය කිරීමට සූදානම් වෙමින් තිබුණි.

 

ගොඩ ගැසී තිබූ මළසිරුරු වෙත අවසන් ගෞරවය දක්වන්නට මලමිනී ඉදිරියේ සිටගත් සොල්දාදුවාට කාන්තාවගේ පාදයක තිබූ සපත්තුවක් දැක එය ඔහු කලින් තම බිරිඳට මිල දී ගත් සපත්තුව  බව මතක් විය.

 

ට්‍රක් රථයට මඳක් නවතින්නැයි පවසා ඔහු ඇයව පරීක්ෂා කිරීමට කඩිමුඩියේ ඔහුගේ නිවසට ගිය නමුත් බිරිඳ නිවසේ නොසිටි බැවින් ඔහු ඉක්මනින් සිරුර පරීක්ෂා කිරීමට නැවත ට්‍රක් රථයට පැමිනි අතර එහි සිටින්නේ ඔහුගේ බිරිඳ බව තහවුරු කර ගත්තේය !!!

 

ඔහුගේ  තම බිරිඳ සමූහ මිනීවළක මිහිදන් කිරීමට අකමැති වූ අතර, නිසි ලෙස භූමදානය කිරීමට සූදානම් වීම සඳහා ඇයගේ සිරුර ට්‍රක් රථයෙන් ඉවත් කර ඔහුට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

 

එහිදී ඔහුට ඒ සඳහා අවසර ලැබුනු අතර,  ඇය තවමත් සෙමින් හා අපහසුවෙන් හුස්ම ගන්නා බව පෙනී ගිය නිසා ඔහු ඇයව රෝහලට ගෙන ගිය අතර එහිදී අවශ්‍ය ප්‍රථමාධාර කඩිනමින් ලබා දීම නිසා ඇයට නැවත ජීවිතය ලැබුණි !!!

 

මේ සිදුවීමෙන් වසර ගණනාවකට පසු පණපිටින් වැළලීමට ගොස් දිවි බේරාගත් සෙබල බිරිඳ ගැබ්ගෙන පිරිමි ළමයෙකු බිහි කළාය.

 

ඔහුට " ව්ලැඩිමීර් පුටින් " ලෙස නම් තබන ලදී.

171 Views

Comments