නිරිතදිග ජපානයේ පිහිටි සුප්රසිද්ධ පුරාණ කුමමොටෝ රජ මාලිගය පසුගියදා යුක්රේන ජාතික ධජයේ වර්ණයන් වන කහ සහ නිල් වර්ණයෙන් ආලෝකමත් කර තිබුණි.
රුසියානු ආක්රමණය නිසා ජීවිත පූජා කළ සියලුම යුක්රේන ජාතිකයන් අනුස්මරණය කිරීමට සහ රුසියාවේ ක්රියාකලාපය හෙළා දැක යුක්රේනය දිරිමත් කිරීම සඳහා මෙම වර්ණ වලින් මාලිගය ආලෝකමත් කළ බව, කුමමොටෝ මාලිගයේ ප්රකාශකයෙක් පැවසීය. මාර්තු 5 වනදා දක්වා මෙම ආලෝකමත් කිරීම සිදුකරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.