ජපානයේ වෙසෙන යුක්රේන ජාතිකයන් ඒකරාශී වී පවත්වන ලද කතෝලික දේව මෙහෙයක් පසුගියදා ටෝකියෝ නුවර පිහිටි සාන්ත මේරි කතෝලික දේවස්ථානයේ දී පැවැත්විණි.
ප්රධාන පූජක උතුමන් වහන්සේ වන 55 හැවිරිදි පෝල් කොරෝලුක් පියතුමා යුක්රේන භාෂාවෙන්ම දේව මෙහෙය පැවැත්වීම විශේෂත්වයකි. මේ වෙනතෙක් සටනේදී දිවිපිදූ සියලුම යුක්රේන ජාතිකයින්ට මොක්සුව පැතීම සහ ඉතා ඉක්මනින් මෙම ගැටලුව නිරාකරණය වීමට ආශිර්වාද කිරීම මෙම දේවමෙහෙයේ ප්රධාන අරමුණ වූ අතර එය ඉතා සංවේදී මොහොතක් විය.