කොරෝනා වෛරසයේ නවතම ප්‍රභේදය ලෙස පැතිර යන omicron වෛරසය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාව ක ට වඩා බරපතළ බවත් ඇතැම්විට නිව්මෝනියා තත්ත්වයකට හේතු වෙමින් පුද්ගලයන්ට මරණය පවා කැඳවිය හැකි බවත් ජපානයේ සෞඛ්‍ය ක්ෂේත්රයේ උපදේශකයන් පිරිසක් පසුගියදා නිවේදනය කර තිබිණි . ඒ හේතුවෙන් ඕනෑම පුද්ගලයෙකුට උණ හෙම්බිරිස්සා ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් ව වහාම වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකරන ලෙස ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර තිබේ.