ලොවක් මවිත කළ විද්‍යා ප්‍රබන්ධකරු


එංගලන්තයේ බටහිර ප්‍රදේශයේ සමර්සෙට් ප්‍රාන්තයේ “මයින්හෙඩ්” නම් ගම්මානයේදී 1917 දෙසැම්බර් 16 වැනිදා උපන් ආතර් චා

.

එංගලන්තයේ බටහිර ප්‍රදේශයේ සමර්සෙට් ප්‍රාන්තයේ “මයින්හෙඩ්” නම් ගම්මානයේදී 1917 දෙසැම්බර් 16 වැනිදා උපන් ආතර් චාල්ස් ක්ලාක් මහතාගේ පියා “චාල්ස් රයිට් ක්ලාක්” සහ මව “නෝරා මේරි” (විල්ස්) ය. ක්ලාක්ට යන්තම් අවුරුදු 13 ලබන විට, තැපැල් දෙපර්තමේන්තුවේ ඉංජිනේරුවරයකු වු ඔහුගේ පියා අකාලයේ මිය ගියේය. මේ හේතුවෙන් දරුවන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙස ක්ලාක්ට කුඩා කාලයේදීම පවුලේ බර දරන්නට සිදු විය. ඔහුගේ පාළුව හා තනිකම මකාගැනීමට තම පියාට අයත් ගොවිපළයෙහිදී මිතුරන් සමඟ රොකට් නිර්මාණයක් කර යැවීමටත් රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමටත් පුරුදු විය. කුඩා ආතර් “මයින් හෙඩ්හි” පිහිටි “හුයිෂ් ග්රැමර් ස්කූල්” පාසැලෙන් මූලික අධ්‍යාපනය ලබා කීන්ස් විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබාගත් ක්ලාක් එංගලන්ත රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් විශේෂඥයෙකු ලෙස සේවය කරමින් විවිධ පැතිකඩයන් ඔස්සේ තම හැකියාවන් ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කළ අයෙකි.

විද්‍යාඥයකු, විද්‍යා ප්‍රබන්ධකරුවකු මෙන්ම සඵල වු විශිෂ්ට විද්‍යා අනාවැකිකරුවකු ලෙස විවිධ විෂයක්ෂේත්‍රයන්හි විශ්ව කීර්තියට පත් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් ‍ලොව වඩාත්ම ප්‍රසිද්ධ වූයේ 1945දී “වයර්ලස් වර්ල්ඩ්” (wireless world) සඟරාවට ලිපියක් යවමින් ඉදිරිපත් කළ චන්ද්‍රිකා ත්‍රිත්වයක් භාවිතා කරමින් කළ හැකි අනමහාද්වීපික විද්‍යුත් සන්නිවේදන ශක්‍යතාව පිළිබඳ ඓතිහාසික සංකල්පයක් වන “භූ ස්ථාවර චන්ද්‍රිකා” සංකල්පය නිසයි.

 

එමෙන්ම මෙතුමා ලෝක ප්‍රසිද්යට පත්වීමට බලපෑ තවත් හේතුවක් වූයේ එතුමා පලකල අනාවැකි නිසාවෙනි. මේ නිසාම එතුමා "අනාගතය දුටු මිනිසා, අනාගතයේ ලොව සිදුවන විපර්යාස කලින් දුටු ඉසිවරයා" යන නම් වලින්ද එතුමා හැදින්විනි. ඒ අතර සැබෑ වූ අනාවැකි ලෙස;

 1.1945 ඔහුට අවුරුදු 28දී ක්ලාර්ක් Wireless World නම් සඟරාවට පර්යේෂණ ලිපියක් ලියමින් සන්නිවේදන චන්ද්‍රිකා අදහස ඉදිරිපත් කිරීම.

2.1954 දී ක්ලාර්ක් විසින් ඉග්ලු හැඩති වාසස්ථානයක් චන්ද්‍රයා සඳහා සැලසුම් කෙරුවේය. නාසා ආයතනය 2020 දී සඳෙහි ස්ථාපනය කිරීම සඳහා මිට සමාන දෙයක් සංවර්ධනය කරමින් සිටියි.

3.1964 BBC විඩියෝවකදී ක්ලාර්ක් අනාගතයේ වීඩියෝ ඇමතුම්, ඩිජිටල් ලිපි හා 'අපට අපේ හිතවතුන් ලෝකයේ කොතැනක ඉන්නවාදැයි නොදැන වුවත් ක්ෂණිකව සම්බන්ධ කරගත හැකි සේවා 'ගැන කථාකර ඇත.

4.1974 දී ඔහු 'සංකීර්ණ සමාජයක ජීවත්වීමේදී අවශ්‍ය සියලු තොරතුරු අඩංගු පුද්ගලික පරිගණක' ගැන සිතුවේය. ඉන් වසර දෙකකට පසු යතුරු පුවරුවට සම්බන්ධ කර ඇති HD තිර ගැන කීවේය. අද භාවිතාවන පරිගණක හා අන්තර්ජාලය මෙය නොවේද?

5.කෘත්‍රිම බුද්ධියේ විප්ලවයක් පැමිණෙන බව ක්ලාර්ක් නිතරම දුටුවේය. බුද්ධිමත් වැසියන් වන්නේ යන්ත්‍ර බව ඔහු විශ්වාස කළේය. ' එම යන්ත්‍ර නිර්මාණය කරන පුද්ගලයන් බලාපොරොත්තු වනවාටත් වඩා සම්පුර්ණ වෙනසක් කරනු ඇත'. එය දැන් සිදුවෙමින් පවතියි.

6.ලිංගික චර්යා සඳහා රොබෝ යොදවා ගැනීමක් ගැන ඔහු අදහස් කර ඇත. දැනට අත්හදා බැලීම් මට්ටමේ තිබෙන මේවා අනාගතයේ ළමා ලිංගික අපරාධ අඩු කිරීම සඳහා යොදවා ගැනීමට අපේක්ෂිතය. 

152 Views

Comments