ජපානයේ ජීවත් වන යුක්රේන ජාතික සුප්රසිද්ධ "බන්ඩුරා" වාදන ශිල්පිනී Kateryna Gudzii ඇයගේ සුමිහිරි වාදන සහ ගායන හැකියාවන් නිසා ජපානය පුරා මහත් ප්රසිද්ධියක් උසුලන් කලා ශිල්පිනියකි.
එමෙන්ම ජපානය තුළ දැනට සිටින එකම බන්ඩුරා වාදන ශිල්පිනිය ද ඇයයි. වර්ෂ 2006 සිට ජපානයේ ජීවත් වන ඇය, යුක්රේන සාම්ප්රදායික වාදන භාණ්ඩයක් වන බන්ඩුරා නම් වාදන භාණ්ඩය වාදනය කිරීමෙහිලා විශේෂ නිපුණත්වයක් උසුලයි. යුක්රේනයේ වර්තමාන තත්වය ගැන දුක් වන ඇය පවසා සිටින්නේ, තමන් වාදන ඉදිරිපත් කරන සෑම මොහොතකම තම මව් රට සිහියට නැගෙන බවත් තම මව් රටට ඉක්මනින් සාමය උදාවේවා යන පැතුම තමන් තුළ නිතර ක්රියාත්මක වන බවත් ය.