යුක්රේන ජාතිකයන්ට උදව් ලබා දීමේ අපහසූතාවක්


රුසියානු හා යුක්රේන ගැටුමෙන් අසරණ වූ ජනතාවට පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන උදව් උපකාර ලබා දීමේ ගැටළු මේ වන වි

.

රුසියානු හා යුක්රේන ගැටුමෙන් අසරණ වූ ජනතාවට පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන උදව් උපකාර ලබා දීමේ ගැටළු මේ වන විට මතුව ඇති බව යුක්‍රේන ආරංචි මාර්ග සඳහන් කරයි. 

 

වරායවල් සහ  ජනතාව වෙත ළඟා විය හැකි මාර්ග  බෝම්බ පිපිරීම හේතුවෙන්  අවහිර වීම නිසා මෙලෙස  උදව් ලබාදීමට  බලාපොරොත්තුවන පරිත්‍යාගශීලීන් ට ඒවා නැගෙන ජනතාව වෙත ළඟාවීමට නොහැකි වී ඇත. රාජ්‍යන් දෙකම පසුගියදා ජනතාවට ළඟාවිය හැකි මෙම මාර්ග අවහිර නොකර  එම පහසුකම් සලසන බව නිවේදනය කර තිබුණද  එය එසේ නොවී තිබීම කණගාටුවට කාරණයකි . මේ හේතුවෙන් බොහෝ ජනතාව එදිනෙදා අවශ්‍යතාවයන් රහිතව පීඩා විඳින බව ආරංචි  මාර්ග පවසයි.

106 Views

Comments