රුසියාවට සහ බෙලරුසියාවට ජපානයෙන් තවත් සම්බාධක


යුක්‍රේනය වෙත එල්ල වන රුසියානු ආක්‍රමණය නිසා, ජපානය විසින්..

.

යුක්‍රේනය වෙත එල්ල වන රුසියානු ආක්‍රමණය නිසා, ජපානය විසින් රුසියාවට සහ බෙලරුසියාවට තවදුරටත් සම්බාධක පැනවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජපානය තුල දැනට පවත්වාගෙන යනු ලබන රුසියානු සහ බෙලරුසියානු චංචල සහ නිශ්චල දේපළ සහ අනෙකුත් මූල්‍ය වත්කම් සියල්ල තාවකාලිකව අවහිර කිරීමට ජපානය තීරණය කර තිබේ. ජපාන ප්‍රධාන කැබිනට් ලේකම් Hirokazu Matsuno පසුගියදා මාධ්‍ය අමතමින් පවසා සිටියේ, කිසිදු ඒකාබද්ධ ව්‍යාපාර කටයුත්තක් හෝ ආයෝජන අවස්ථාවක් සඳහා රුසියානු හෝ බෙලරුසියානු ජාතිකයන්ට ජපානය තුළ ඉඩ නොලැබෙන බවයි.

181 Views

Comments