පවතින ලෝක ආර්ථික අර්බුදය සහ ඉන්ධන මිල ඉහල යෑම හමුවේ, ජපාන ස්ථාවර ගිණුම් ශේෂය තවදුරටත් පහළ ගොස් ඇති බව ජපාන මුදල් අමාත්‍යාංශය දන්වා සිටියේය.
රටක අන්තර් ජාතික වෙළඳාම නිර්ණය කරන දර්ශකයක් ලෙස සැලකෙන ස්ථාවර ගිණුම් ශේෂය, ජපාන ආර්ථිකය තුළ දෙවන මසටත් "රතු" ලැයිස්තුවට ඇතුළත් වී තිබීම විශේෂත්වයකි. මෙම අගය ජපාන යෙන් ට්‍රිලියන 1.2ක් ලෙස වාර්තා වී ඇති අතර, කොවිඩ් වසංගත තත්වය නිසා අපනයන පහළ වැටීම මීට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත්, ජපාන මුදල් අමාත්‍යාංශය පවසා සිටින්නේ, ඊළඟ මාසය තුළදී අපනයන වර්ධනයක් පෙන්නුම් කළ හැකි බවයි.