දශකයට අධික කාලයක් කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ ශ්‍රී දළදා මාලිගාවේ සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩම කිරීමේ භාග්‍යවන්ත කාර්ය්ය ඉටු කරමින්, දකුණු ආසියාවේ උසම හීලෑ දළ ඇතු ලෙසින් ගෞරවාදරයට පත්ව සිටි නැදුන්ගමුවේ රාජා මඟුල් ඇතු ඊයේ (මාර්තු07) දින අවසන් ගමන් යන ලදී .
මේ ඇත් රජුට අවසන් බුහුමන් දැක්වීම සඳහා මහා සඟරුවන, ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන්, ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි ජනතාව ඔහු දිවි ගෙවූ ගම්පහ නැදුන්ගමුවට පැමිණ සිටියහ. මියගිය රාජා වෙනුවෙන් ආගමික වතාවත් ඉටුකිරීම මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අතිගරු අනුනායක නාහිමිපාණන් වහන්සේලා විසින් සිදු කළ අතර, රාජා පිළිබඳ මතකාවර්ජනයක් කිරීමට රාජා භාරකරු ලෙස වෛද්යාචාර්ය්ය හර්ෂ ධර්මවිජය මහතා කටයුතු කළා. දශක දෙකකට වැඩි කළක් නැදුන්ගමුවේ විජය රාජා ඇතුගේ සියළු කටයුතු ඉටුකරමින්, රාජා ආරක්ෂාවෙන් බලා ගත් විල්සන් කොඩිතුවක්කු හස්ථිපාලක මහතා විසින් සමුගෙන යන ඇතුට පුෂ්පෝපහාර පුදකළ අයුරු ඒ මොහෝතේ රැස්ව සිටි සියළුම දෙනා සංවේගයට පත් කරනු ලැබුවේය.
1953 වසරෙහි දී භාරත දේශයේ උපන් රාජා නම් මෙම හස්තිරාජයා ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමාගේ ආරාධනයෙන් 2005 වර්ෂයේ සිට මහනුවර ශ්‍රී දළදා පෙරහැරට එක් කරන ලදී .
ශ්‍රී දළදා පෙරහරේ තම කාර්ය්ය ඉටු කිරීම සඳහා සියනෑ කොරළයේ සිට මහනුවර දක්වාම පාගමනින් පැමිණෙන නැදුන්ගමුවේ ඇතු, මෙරට ජනතාව අතර මෙන්ම විදේශීයන් අතරද ඉමහත් ගෞරවාදරයට පත් උත්තම හස්ති රාජයෙකි. ඔහුගේ නික්මයාම ජාතියටම සංවේගාත්මක කාරණයකි.