ලෝක ගෑස් මිල ඉහලට


යුක්‍රේන - රුසියා අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳ පොළේ ගෑස් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. නවතම වාර්තාවලට අනුව මේ ව??

.

යුක්‍රේන - රුසියා අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳ පොළේ ගෑස් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. නවතම වාර්තාවලට අනුව මේ වන විට ලෝක වෙළඳපොලෙන් වාර්තා වන්නේ 2008 ජූලි මාසයෙන් පසු ගෑස් සඳහා වාර්තාවූ වැඩිම මිලයි. 

 

පැවති මිලට සාපේක්ෂව ඩොලර් 4.1 එකකින් ගෑස් මිල වැඩිවී ඇති බව වාර්තා වෙන අතර ගෑස් තොග මිලද දෙගුණයකට වඩා වැඩියෙන් ඉහළ ගොස් ඇති බවද පැවසේ.රුසියානු යුක්රේන යුද ගැටුම් සම්බන්ධව රුසියාව අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම හේතුවෙන් එරටින් ගෑස් සහ ඉන්ධන මිලදී ගැනීම තහනම් කිරීම පිළිබඳ බ්‍රිතාන්‍ය නිවේදනයක් නිකුත් කිරීම මෙලෙස මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇතැයි පැවසේ.

 

161 Views

Comments