රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 12 දෙනෙකු අමෙරිකාව විසින් පිටුවහල් කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අමෙරිකාව තුළ රහස් බුද්ධි අංශ සම්බන්ධ තොරතුරු සොයා බැලූ බවට මෙම නිලධාරීන් වෙත අමෙරිකාව මීට පෙර චෝදනාවක් ගොනුකර තිබුණා.
අමෙරිකාවේ වොෂිංටන්හි පිහිටා ඇති රුසියානු තානාපති කාර්යාලය සමඟ කටයුතු කළ මෙම රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිස යළි මොස්කව් වෙත ගොස් තිබෙන බවයි කියන්නේ. නිව්යෝර්ක් හි ජෝන්. එෆ් කෙනඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් එම පිරිස රැගත් ගුවන් යානයක් මොස්කව් බලා පිටත්ව ගොස් තිබෙනවා.
මෙම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, අමෙරිකානු රජය විසින් අදාළ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිළිනොගැනීම නිසා යළි මව් රටට කැඳවා ගත් බවයි.
රුසියාව විසින් යුක්රේනය සම්බන්ධයෙන් ගෙන යනු ලබන වැඩපිළිවෙළ හේතුවෙන්, අමෙරිකාවට එල්ල වී ඇති තර්ජනයක් ලෙස සලකා මෙලෙස රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.