දැඩි දේශගුණික තත්වයන් හමුවේද (හිම) දුක් විදින ලංකාවේ #Lucy .ලූසි 1975 ලංකාවේ උපන් ඇතින්නක්. වයස අවුරුදු 1දී ඇයව යම් පුද්ගලයෙක් මිළදී ගෙන 1977 Skank නමින් ඇයව EVZ නම් කැනඩාවේ එඩ්මන්ටන් නගරයේ සත්ව උද්‍යානයකට විකුණා ඇත. එවිට ඇයට වයස අවුරුදු 2යි. එතැන් පටන් ඇයගේ නම Lucy ලෙස වෙනස්කර ඇත.
ඉන් පසු එඩ්මන්ටන් සත්තු වත්තෙ කුඩා කුටියක සිරව සිට ඇති බව ඔබට දැකගත හැකිය. මෙලෙස අවුරුදු 44ක් ඇය එඩ්මන්ටන් සත්තු වත්තේ ඉතා තද සීතලේ දුක් විදිමින් ජීවත් වෙනවා.
Lucy ගේ දුකට සංවේදී වූ, සත්ව ක්‍රියාකාරින් වසර කීපයක සිට ඇයව මේ සිර කුටියෙන් නිදහස් කර ඇයට සුදුසු පරිසරයකට, අභයභූමියකට යවන්න ලොකු සටනක යෙදෙනවා.
2020 වසරේ පකිස්ථානේ හිටපු ලංකාවේ කාවන්ට නිදහස ලබා අලි අභයභූමියකට යන්න ලැබුනා වගේ ලූසිටත් නිදහස ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.
උපුටාගැනීමකි