රුසියානු යුක්රේන ආක්රමණය නිසා, රුසියාව වෙත සම්බාධක පැනවීමේ තවත් අංගයක් ලෙස පසුගියදා ඇමරිකාව විසින් රුසියානු ඛනිජ තෙල් මිලදී ගැනීම වාරණය කිරීමට තීරණය කරන ලදී.
මෙකී තීරණයෙන් පසු G7 කාර්මික රටවල එකතුවේ අනෙකුත් සාමාජික රටවල් සමඟ වඩා සමීපව කටයුතු කිරීමට ජපානය තීරණය කර තිබේ. ඇමරිකාවේ මෙකී තීරණය සම්බන්ධව අදහස් දක්වමින් ජපාන අග්රාමාත්ය Fumio Kishida සඳහන් කර සිටියේ, ඛනිජ තෙල් අපනයන අපනයනය කරන රටක් ලෙසට මෙකී ඇමරිකානු තීරණය සමග සිටගැනීමට ජපානය වැනි රටකට ඉතා පහසුවෙන් නොහැකි බවයි. තවද රුසියානු ඛණිජතෙල් හිඟ වීම තුළ ජපානයේ ඛනිජ තෙල් සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට ද ජපානය උත්සුකව ක්රියා කරනු ඇති බව විචාරකයන්ගේ මතයයි.