අන්තර්ජාතික සිසුන්ට ජපානයේ දොර විවර වෙයි...


පසුගිය දා මාධ්‍ය අමතමින් කැබිනට් ප්‍රධාන ලේකම්, Hirokasu Matsuno පවසා සිටියේ...

.

පසුගිය දා මාධ්‍ය අමතමින් කැබිනට් ප්‍රධාන ලේකම්, Hirokasu Matsuno පවසා සිටියේ, කොවිඩ් වසංගතය පැතිරීයාම සලකා ජපානයට ඇතුළුවීම නතර කර තිබූ කාලය තුළ ජපානයට  ඇතුළුවීමට  නොහැකි වූ සියලුම අන්තර්ජාතික සිසුන්ට, එළඹෙන මැයි මාසය තුළදී ජපානයට ඇතුලුවීමට ඉඩ දෙන බවට ජපාන රජය තීන්දුවක් ගෙන ඇති බවයි.

මෙම ක්‍රියාවලිය මාර්තු මස මැදදී ආරම්භ වීමට නියමිත අතර, මැයි මස අවසන් වීමට ප්‍රථම සියළුම ශිෂ්‍යයන් ජපානයට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇත. සතිඅන්ත ගුවන් ගමන් වල ආසන ද අන්තර්ජාතික සිසුන්ට වෙන් කරන ලෙස ජපන් රජය ගුවන් සේවා සමාගම් වලින්ද ඉල්ලා තිබේ.

Comments