ජපාන සුප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසල් ජාලයක් වන Family Mart Co. සිය භාණ්ඩ එකතුවෙන් ප්ලාස්ටික් ගෑරුප්පු සහ හැඳි නිශ්පාදන අලෙවිය නතර කිරීමට තීරණය කර තිබේ.
පරිසර හිතකාමි පියවරක් ලෙස මෙම තීරණය ගත් බව සමාගම පවසා ඇති අතර, ආරම්භක අදියරේදී තෝකියෝ වල පිහිටි ශාඛා 10ක ප්ලාස්ටික් නිෂ්පාදන ඉවත් කර තිබේ. පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර යහපත් වුවහොත් ජපානය පුරා පිහිටි සිය ශාඛා 16000 ම ප්ලාස්ටික් නිශ්පාදන වලින් මුක්ත කරන බවද ඔවුන් නිවේදනය කර සිටියේය. මීට විකල්ප ලෙස උන බට වලින් සහ ජීව අමුද්‍රව්‍ය වලින් සාදන ලද හැඳි ගෑරුප්පු සහ අනෙකුත් නිෂ්පාදන අලෙවි කිරීමට ඔවුන් තීරණය කර තිබේ.