ජපානයට ඒමට බලාපොරොත්තුවෙන ජාත්‍යන්තර සිසුන්ට සුභාරංචියක්


ජපානයට ඇතුළු කර ගැනීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව ලක්ෂයක් දක්වා වැඩි කර ගැනීමට ඉදිරියේදී බල??

.

ජපානයට ඇතුළු කර ගැනීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව ලක්ෂයක් දක්වා වැඩි කර ගැනීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව ජපන් රජය නිවේදනය කර තිබේ.සීඝ්‍ර කොරෝනා ව්‍යාප්තියෙන් පසුව මේ වන විට දිනකට ජපානයට විදේශිකයන් හත්දාහක් ඇතුල්වීමට අවසර ලබාදී ඇති අතර තවත් ජපානයට එසේ ඇතුළු වීමට බොහෝ පිරිසක් ජපානයෙන් පිට බලාපොරොත්තුවෙන් රැඳී සිටින බැවින් ඒ සියලු දෙනාට ඉතා ඉක්මනින් ජපානය තුළට පිවිසීමට මෙම තීරණය ගෙන ඇත. 

 

ගුවන් ගමන් වලට ඉඩ සලසා දීමේ ඇති පහසුකම් මත සතියේ දිනවලදී 8000ක පිරිසකුත් සති අන්ත දිනවල දීද සැලකිය යුතු පිරිසක් ගෙන්වා ගනිමින් මැයි මස අග වන විට ලක්ෂයකට ආසන්න පිරිසකට ජපානයට ඇතුළුවීමට ඉඩ සලස්වා දෙන බව ජපාන රජය නිවේදනය කර තිබේ

 

Comments