දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකානු යුධ හමුදාවට අනුබද්ධ ගුවන් ප්‍රහාරක බලඇණිය විසින් ජපානයේ ටෝකියෝ අගනුවර වෙත එල්ල කරන ලද අති විශාල බෝම්බ හෙලීමේ ක්‍රියාන්විතය සම්බන්ධව ඩිජිටල් වාර්තාමය වැඩසටහනක් නිෂ්පාදනය කිරීමට ඔස්ට්‍රේලියානු ටෙලි වාර්තා නිෂ්පාදකයකු වන Adrian Francis සූදානම් වන බව වාර්තා වේ.
1945 මාර්තු 10 වන දින රාත්රියේදී ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා 250 කට අධික ප්‍රමාණයක් භාවිතා කරමින් ටෝකියෝ අගනගරය වෙත දරුණු වූ ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට ඇමරිකාව ක්‍රියාකළ අතර එමගින්, 100,000 කට අධික පිරිසක් මරුමුවට පත්වී, තවත් මිලියනයකට අධික පිරිසකට සිය වාසස්ථාන අහිමි විය. මානව ඉතිහාසයේ නගරයක් වෙත එල්ල කළ අමානුෂිකම සහ විශාල ම ප්‍රහාරය මෙය බව ඉතිහාසය සාක්ෂි දරයි. මෙකී වාර්තා වැඩසටහනට නම තබා ඇත්තේ "The Paper City" ලෙස වන අතර, මෙම ප්‍රහාරයෙන් පසු ටෝකියෝ නගරය එකම ගිනි ජාලාවක් වූ ආකාරය සිහිපත් කිරීමට එම නම භාවිතා කළ බව Adrian පැවසීය.