ජපානයේදී උසස් අධ්‍යාපන කටයුතු සිදුකිරීමට වීසා ඉල්ලුම් කරන සිසුන් සඳහා එළඹෙන මාර්තු මස සිට ඒ සඳහා අවස්ථාව උදාවෙන බව ආරංචි මාර්ග පවසයි.
පැතිර යන coronavirus තත්ත්වය මධ්‍යයේ විදේශගත පාර්ශවයන්ට තිබූ තහනම ලිහිල් කරමින් එළඹෙන මාර්තු පළවෙනිදා සිට දිනකට විදේශීය ශිෂ්‍යයන් ඇතුළු 5000කට ජපානයේ දොරගුළු විවෘත කිරීමට රජය තීරණය කර ඇත.මෙම තීරණයත් සමගින් ජපානයට පිවිසීමට සූදානම්ව සිටී ශිෂ්‍යයන්ට ඔවුන්ගේ
විශ්වවිද්‍යාල පිවිසීම් සිදු කරගත හැකි වන අතර දැනට ලැබී ඇති ආරංචි මාර්ග අනුව මාර්තු 22 වනදා සිට ඔවුන්ට වීසා ඉල්ලුම් කිරීමේ කටයුතු සිදු කළ හැක.