ජපානයේ ප්‍රධාන පෙළේ සෙල්ලම් බඩු නිෂ්පාදකයකු වන Tomy කුඩා ප්‍රමාණයේ transformer වර්ගයේ සඳ ගවේෂණය කළ හැකි රොබෝවක් නිර්මාණය කර තිබේ.
Sora-Q ලෙසින් නම් කර ඇති මෙය 8cm පරිධිය කින් සහ ග්‍රෑම් 250ක පමණ බරකින් යුක්ත වේ. Tomy, ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය ඇතුළු අනෙකුත් සහකරුවන් ඒකාබද්ධ වෙමින් නිපදවා ඇති මෙම රොබෝව තැනීමට වසර හයක පමණ කාලයක් ගත වී ඇත .
මෙම කුඩා රොබෝ යන්ත්‍රයේ ඉදිරිපස සහ පිටුපස ඉතා කුඩා කැමරා ඇති අතර ඒවා මගින් සද මත ඡායාරූප පෘථිවියට එවීමේ පහසුකම ද ඇත.