කොවිඩ් තත්වය අඩුවුනත් පරිස්සමින..ජපාන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි..


කොවිඩ් පස්වන රැල්ලේ අවදානම් තත්ත්වය මේ වනවිට ජපානය තුලින්...

.

කොවිඩ් පස්වන රැල්ලේ අවදානම් තත්ත්වය මේ වනවිට ජපානය තුලින් යම්තාක් දුරකට පහව ගොස්, දෛනික රෝගීන් වාර්තා වීම ඉතා අවම මට්ටමක පවතින බව වාර්තා පෙන්නුම් කරයි.

කෙසේ වෙතත් ජපාන සෞඛ්‍ය අංශ තවදුරටත් අනතුරු අගවා සිටින්නේ, මෙම පහල යෑම මත සිට කොවිඩ් වසංගත ආරක්ෂණ ක්‍රියාපිළිවෙත් තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බවටයි. කොවිඩ් පස්වන රැල්ලේ රෝගීන් අඩුවීම අනෙකුත් කිසිදු කාලසීමාවක කොවිඩ්  රෝගීන් අඩුවීම් වලට සාපේක්ෂව වෙනස් මුහුණුවරක් ගන්නා බවත්, ඒ හේතුව නිසාම ජනතාව තවදුරටත් අවදානම් තත්වයක් ලෙස කොවිඩ් වසංගත තත්වයට මුහුන දීම සුදුසු බවත් සෞඛ්‍ය විශේෂඥයන් පවසා සිටී.

105 Views

Comments