රුසියානු යුක්රේන ආක්රමණය දැඩි ලෙස හෙළා දකින ජපානය සහ එහි අග්රාමාත්යතුමන් පසුගිය සතියේ නිවේදනය කර තිබුණේ රුසියාවට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවයි.
මේ ඔස්සේ ජපානය විසින් රුසියාවට එරෙහිව දැඩි රාජ්ය තාන්ත්රික සහ ආර්ථික පීඩනයක් එල්ල කිරීමට බලාපොරොත්තු වේ.
තවද ජපානයේ සිට රුසියාවට අපනයන කරන සුඛෝපභෝගී භාණ්ඩ නවතා දැමීමටත් රුසියාවෙන් ආනයනය කරන භාණ්ඩ බොහොමයක් නවතා දැමීමටත් යහපාලන රජය තවදුරටත් කටයුතු කරනු ඇති අතර එලෙස ආනයනය නවතාදමන භාණ්ඩ ලැයිස්තුව ඉතා කෙටි කාලයකින් දැනුම් දීමට නියමිතය.