මුලින්ම අපි බලමු අපාර්ට්මන්ට් එකක් ගන්න කොහෙටද යන්න ඕනෙ කියල.මේ අපාර්ට්මෙන්ට් රෙන්ට් කරන ශොප්ස් ගොඩක් තියනවා,කිහිපයක් මම පහතින් දාන්නම් මේවා හෝ ගෙවල් ලන්ගම තියන වෙනත් මේ වගේ ශොප් එකකට ගිහින් බලන්න පුලුවන්.
01. アパーマンショップ(Apartment shops)
https://www.apamanshop.com/
02. リオパレス21(Leo palace 21)
https://www.leopalace21.com/
03. 日本セーフテイー(Nihon safety)
https://www.nihon-safety.co.jp/
මේ වගේ තවත් ගොඩක් ශොප්ස් තියනවා.ලින්ක් වලට ගිහින් බලන්න ඔයාට කැමති විදියෙ අපාර්ට්මෙන්ට් එකක් ඕනෙනම් මේ සයිට් වලින් බලන්නත් ලගම තියන අපාර්ට්මෙන්ට් ශොප් එකේ විස්තර ගන්නත් මේ සයිට් වලින් පුලුවන්.
මේ ශොප් එකකට යන්න කලින් ඔයා හොයන්නෙ මොන වගේ තැනක්ද,කී දෙනෙක්ට ඉන්න ඕනෙ තැනක්ද,එකියෙ(station) එකේ ඉදන් ලග වෙන්න ඕනෙද පහසුකම් මොනවද යචින්(rent) එක කීයක විතර එකක්ද අපාර්ට් එක ඕනෙ නගරයේ නම වගේ දේවල් කලින් හොයාගෙන ප්ලෑන් කරගන යන එක හොදයි.එතකොට ඔයාට හරියටම කියන්න පුලුවන් ඔයාට මොනවගේ අපාර්ට් එකක්ද හොයන්නෙ කියල.ජපන් කතා කරන්න අමාරුයි වගේනම් ටිකක් ජපන් කතා කරන්න පුලුවන් තේරුම් ගන්න පුලුවන් කවුරු හරි එක්කන් යන්න.මොකද ජපන් කතා කරන්න අමාරුයි වගේයිනම් සමහරවෙලාවට එයාලා අපාර්ට් එකක් දෙන්න බෑ කියන අවස්තාත් තියනවා.
අපාර්ට් වල විශාලත්වය අනුව ජපානයේ බාවිතා කරන කෙටි යෙදුම් ටිකක් තියනවා.ඒ ටිකත් කියල දෙන්නම් ටිකක්.
1K- එක කාමරයක් හා කුස්සිය පමණක් ඇති අපාර්ට්. (ටොයිලට් එක වොශ් රූම් එකයි අනිවර්යෙන් තියනවා)
1DK- එක කාමරයක් කුස්සිය හා කෑම කාමරයක් සහිත අපාර්ට්. (ටොයිලට් එක වොශ් රූම් එකයි අනිවර්යෙන් තියනවා)
1LDK- එක කාමරයක් කුස්සිය කෑම කාමරයක් හා හා සාලයක්(Living area) එකක් සහිත අපාර්ට්(ටොයිලට් එක වොශ් රූම් එකයි අනිවර්යෙන් තියනවා)
ප්‍රදාන වශයෙන් ඔය විදියට හදුන්වන්න පුලුවන්.ඉදිරයට දාන ඉලක්කම අනුව අපාර්ට් එකේ තියන රූම් ගාන කියවෙනවා.එහෙනම් ඔයාලත් අවශ්‍ය තාවය තියන විදියට ඔයාලට ඕනෙ අපාර්ට් මේ විදියට කියන්න පුලුවන්.
ඔයාගේ විස්තර ටික ඇහුවට පස්සෙ ශොප් එකේ වැඩ කරන අය එයාල ලග තියන අපාර්ට්මන්ට්ස් ඔයාගෙ අවශයතාවයට ගැලපෙන විදියෙ ඒවා ඔයාට පෙන්නයි.ඊට පස්සෙ එයින් කීපයක් තෝරාගෙන එයාලගෙ වාහනයෙන් ඔයාලාව අදාල අපාර්ට් බලන්න එක්කන් යනවා.ඔයාටම ගිහින් සෙට් වෙනවද නැද්ද කියලා බලාගන්න පුලුවන්.
ඔයාට ගැලපෙන අපාර්ට් එක තෝරගත්තට පස්සෙ එයා ගැන පැහදිලි කරයි.ඉස්සරලම කීයක්ද දෙන්න ඕනෙ යචින් එක කීයද.මුලින් දෙන්න ඕනෙ මුදල කොටස් කීයකට කඩල දෙන්න පුලුවන්ද,යචින් එක කවදටද දාන්න ඕනෙ කොහොමද දාන්න ඕනෙ වගේ සියලු විස්තර ඔයට පැහැදිලි කරල දෙයි.කොහොමත් අපාර්ට් එකක් ගන්න අඩුම සති 2ක විතර කාලයක් ගත වෙනව කියන එකත් මතක තියාගන්න.
මුලින් කොහොමත් ඔයාට ටිකක් වැඩිපුර ගානක් දෙන්න වෙනවා.යචින් එක කොල 5ක් නම් ඉස්සරලම කොල 15ක් විතර දෙන්න වෙයි.මේක වෙනස් වෙන්න පුලුවන් සාමාන්‍යයෙන් එහෙම වෙයි.මේක පලවෙනි මාසෙ යචින් එකත් එක්ක.ඒ ගෙදරට පදින්චියට යනකන් ඔයාට කොටස් දෙකකට විතර ගෙවන්න කතා කරගන්න පුලුවන් වෙයි.ඒ ගන්න අනිත් මුදල් රක්ශණයට හා අනෙකුත් නඩත්තු කිරීම් කටයුතු වලට යන මුදල්.සමහර තැන් වල ඩිපොසිට් තියන්න ඕනෙ ඒවත් තියනවා.ඒ වගේ නැති එකක් බලල ගන්න ට්‍රයි කරන්න.
ගොඩක් තැන් වල වතුර බිල,වයිෆයි බිල යචින් එකට එකතු කරල තියෙන්නෙ.විදුලි බිල හා ගෑස් බිල ඔයාට වෙනම ගෙවන්න වෙනවා.අනිත් එක හැම අපාර්ට් එකේම වයිෆයි නෑ අපිට පිටින් මිලදී ගන්න වෙනවා.එහෙම උනොත් ඒකෙ බිල් එකත් ගෙවන්න වෙනවා.ජපන් අයනම් ගෙදර වතුර ලයින් එකේ එන වතුර(水道) බොන් නෑ.කඩෙන් තමයි බොන්න වතුර ගන්නෙ,උයන්න පාවිච්චි කරාටනම් ගැටලුවක් නෑ.හැමවෙලේම නැතත් පුලුවන් වෙලාවට හරි බොන්න වතුර එකක් කඩෙන් ගන්න.ලොකු ගානක් වෙන් නෑ.
ඔයාගේ විස්තර ටික ගත්තට පස්සේ අපාර්ට් එකේ 契約(Agreement) එක හදල අපාර්ට්මෙන්ට් ශොප් එකෙන් ඔයාට කෝල් කරයි.ඊට පස්සෙ හන්කො එක අරන් ගිහින් එකේ තියල වැඩ ටික ඉවර කරාට පස්සෙ ඉතිරි මුදල දෙන්න ඕනෙ.ඊට පස්සෙ ඔයාට යතුර හම්බවෙයි.ගොඩක් වෙලාවට අවුරුදදක වගේ කලයකට 契約(Agreement) එක ගහගන්න.ඊට අඩුවෙන් අමාරුයි මම හිතන්නෙ.මේ අවුරුද්දට කලින් ඔයා අපාර්ට් එකෙන් අයින් වෙනවනම් අමතර ගානක් ගෙවන්න වෙනවා.අනිත් දේ තමයි යචින් ගෙවන එක මගඇරියොත් ඒක බලපාන්නෙ契約(Agreement) එක තියෙන කෙනාගෙ නමට.ඒක නිසා වෙන අයට අපාර්ට් අරන් දෙන් නැතුව ඉන්න එක තමයි ඇගට ගුණ.
අපාර්ට් එකක් ගන්න ඔයාගේ වීස එක අඩුම මාස 6ක්වත් තව තියනවන්ම් හොදයි.මොකද නැත්නම් සමහර තැන් වලින් දෙන්න බෑ කියනවා.මීටත් අමතරව සමහර තැන් වල් ජපන් ජාතික ඇපකරුවන්(日本人の保証人) ඕනෙ කියන තැනුත් තියනවා.
අන්තිම වශයෙන් ඔයාල ගෙදරට යද්දින් ඔයාලගෙ විදුලිය හා ගෑස් සම්බන්දතාවය විසන්දි කරල තියෙන්නෙ.මේක තනියම කෝල් කරල කියන්න ඕනෙ අදාල ගෑස් හා විදුලිය සම්බන්ද ආයතන වලට නැවත සම්බන්දතාවය ලබා දෙන්න කියල.ඒ ගැන තව විස්තර ඕනෙනම් අහන්න.තවත් ජපානයේ ජීවත් වෙද්දින් අහල පහල තියන අපාර්ට් වලට කරදරයක් වෙන විදියටනම් ඉන්න එපා.එහෙම උනොත් එයාල පොලිසියට කෝල් කලාම ඔයාගෙ ගෙදරට පොලිසියෙන් එනවා.හදිසි ගිනි ගැනීමකදී මුලුන්ම ගෑස් හා විදුලිය විසන්දි කරන්න අමතක කරන්න එපා.
Source : https://www.facebook.com/groups/223950559880365/permalink/233403298935091/