අන්තර් පාසල් බේස්බෝල් තරගාවලිය ඇරඹේ..


වසන්ත සමයේ පැවැත්වෙන ප්‍රධානතම ක්‍රීඩා තරඟ ඉසව්වක් ලෙස, ජපාන අන්තර් පාසල්..

.

වසන්ත සමයේ පැවැත්වෙන ප්‍රධානතම ක්‍රීඩා තරඟ ඉසව්වක් ලෙස, ජපාන අන්තර් පාසල් බේස්බෝල් තරගාවලිය මෙවරද හියුගෝ හි නිශිනෝමියා බේස්බෝල් ක්‍රීඩාංගන සංකීර්ණයේ දී ආරම්භ විණි.

 

කොවිඩ් වසංගත තත්වය නිසා අවම ප්‍රේක්ෂක පිරිසක් සමඟ ආරම්භ වූ මෙම තරගාවලිය, ජපානය පුරා උසස් පාසල් තිස් දෙකකගේ සහභාගිත්වයෙන් මෙවර පැවැත්වෙන්නේ 94 වන වතාවට වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් මූලික වටයේ තරඟ සඳහා සහභාගී වන කණ්ඩායම 11න් හයක් පමණක් සමාරම්භක උළෙලට සහභාගි වී තිබුණේ කොවිඩ් පාලන ක්‍රියාමාර්ගයක් ලෙසටයි. කෙසේ වෙතත් කියුටෝ උසස් පාසලේ සිසුන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූයේ ඔවුන්ගේ ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයෙකු කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් පසුවයි.

147 Views

Comments