තෙල් සැපයුම වැඩි කරන්නැයි ජපානයෙන් අරාබියට ඉල්ලීම්


රුසියානු යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාවෙන් වෙළඳපොළට නිකුත් කෙරෙන තෙල් ප්‍රමාණය අඩුවීම නිසා ලෝක වෙළඳපලේ

.

රුසියානු යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාවෙන් වෙළඳපොළට නිකුත් කෙරෙන තෙල් ප්‍රමාණය අඩුවීම නිසා ලෝක වෙළඳපලේ වෙළඳපළේ තෙල් හිඟයක් ඇති වී ඇති අතර ඊට සාපේක්ෂව බොරතෙල් මිල ද ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මෙයට විසඳුමක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් නිෂ්පාදනය කෙරෙන බොරතෙල් ප්‍රමාණය වැඩි කිරීමට සලකා බලන ලෙස ජපානය එම රාජ්‍යයෙන් ඉල්ලීම් කර තිබේ. වසර ගණනාවකට පසුව ජපානයේ තුළද පාලනය කළ නොහැකි ලෙස තෙල් මිල ඉහළ යමින් පවතින  වාතාවරණයක එයට විසඳුමක් ලෙස ජපාන විදේශ අමාත්‍යවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මෙම ඉල්ලීම සිදු කර ඇත.

 

ජපාන අග්‍රාමාත්‍යවරයාද මෙම  මාසයේ  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කිරුල  දරන කුමාරයා වූ Sheikh Mohamed bin Zayed Al Nahyan සමඟ පැවති සාකච්ඡාවක දී ලෝක වෙළඳපළේ තෙල් මිල ස්ථාවර කිරීමට ඔවුන්ගෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දේවියැයි ජපානය බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබේ.

123 Views

Comments