ජපන් සමාජය තුළින් හිස ඔසවන Syphilis


ජපන් සමාජය තුළ syphilis වේගයෙන් පැතිරයාමේ අවදානමක් මතු වී ඇත

.

2021 වසරේ මෙම කාල සීමාවට සාපේක්ෂව මේ වසරේ ජපානය පුරා Syphilis රෝගීන් සංඛ්‍යාව වාර්තාගත ලෙස 1.6 ගුණයකින් ඉහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දී තිබේ. මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන "පොදු"   රෝගයක් බැවින් ඒ පිළිබඳව අනතුරු ඇඟවීමට වෛද්‍ය විශේෂඥයින් පෙළඹී ඇත. 

 

ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයට (NIID) අනුව, 2021 දී අප්‍රේල් 10 වනවිට මූලික සිද්ධීන් සංඛ්‍යාව 1595 ට ළඟා වූ අතර, 2022 වන විට 2592 ක් ලෙස සැලකිය යුතු ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.  

 

පුද්ගලයෙකු Syphilis රෝගියෙකු සමඟ ලිංගිකව එක්වන විට 30% ක පමණ ආසාදන අනුපාතයක් පවතී. නමුත් රෝගීන් තමන් ආසාදනය වී ඇති බව නොදැන සිටීම නිසා පරීක්ෂණ සිදු කිරීමට හෝ ප්‍රතිකාර කිරීමට අපොහොසත් වන බැවින් ආසාදන පැතිරීම වේගවත් වීම සිදු වන බව විශ්වාස කෙරේ.

134 Views

Comments